විදැස: යහපාලනය හා අපි යහපාලනය හා අපි | විදැස

යහපාලනය හා අපි



‘‘ යහපාලනය ’’ නිමක් නොමැතිව කථාබහට ලක්වන වචනයකි . නමුත් අතලොස්සක් හැරුනුකොට මෙය කුමක්ද යන්නවත් තවත් පිරිසක් නොදනිති .අවශ්‍යය ද නැත ඔවුනට.නමුත් ඔබ මේරටේ වඟකිව යුතු පුරවැසියෙකි.සෑම දෙයක් ගැනම දැනගැනීම වැදගත්ය .උදාහරණයක් ලෙස නීතිය ගනිමු ,සැබැවින්ම නීතිය යනු  හුදු  විෂයක්ම නොවේ . සමාජයේ වෙසෙන සෑම තරාතිරකම පුද්ගලයින් නීතිය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුමක් අවැසිය මක් නිසාද යත් නීතිය නොදැන සිටිම අධිකරණයේදි සමාවට කරුණක් නොවිමත් , වර්තමාණ  සංකීර්ණ තරගකාරි සමාජය තුල තමන්ගේ අභිවෘද්ධිය නිසි ලෙස සලසා ගැනිමට සෑම පුද්ගලයකුටම දැනුමක් අත්‍යවශ්‍යය විම ආදි හේතු කාරනා දැක්විය හැකිය.


     යහපාලනය යන්නෙන් අදහස් වනුයේ පාලනයේ ගුණාත්මක බවයි .ප්‍රජාතන්ත්‍රවාදි රටක යහපාලනය පවතිනුයේ රජය ,‍පෞද්ගලික  අංශය හා සිවිල් සමාජය යන අංශ තුනේම පවතින අන්තර් සම්බන්දය මතයි . පෞද්ගලික  අංශය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස සැලකුවහොත් රියදුරා වනුයේ රාජ්‍යය අංශයයි .එයින් වඩාත් එල ලැ‍බෙනුයේ සිවිල් සමාජයටයි .එයින් ප්‍රත්‍යයක්ෂ වන කරුණ නම් රාජ්‍යය අංශය හා  පෞද්ගලික  අංශයේ මනා සම්බන්ධිකරණය කාර්ය්‍යක්ෂම විම එලදායිවිම සිවිල් සමාජයට නැතහොත් සමස්ථ රටටම වැදගත් වන බවයි.

1990 ගණන් වලදි ජාත්‍යාන්තර සංවිධාන විසින් සංවිධාන විසින් යහපාලනය ගැන අදහස් ඉදිරිපත් කර ඇත .ලෝක බැංකුව සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන මෙම සංකල්පය ඉදිරිපත් කල අයතන අතරින් ප්‍රමඛතාවය ගනි.ලෝක බැංකුව විසින් යහපාලනය නිර්වචනය කර ඇත්තේ ‘‘සාමාජීය කටයුතු හා ගැටලු කළමණාකරනය කිරිම සඳහා ආයතනික සම්පත් දේශපාලන බල අධිකාරිය භාවිතයට ගැනිමේ ක්‍රීයාවලිය ලෙසයි  ’’ රටක් හෝ සංවිධානයක් තීරණ ගැනිමේදි , අනුගමනය කලයුතු මුලධර්ම කිහිපයක් යහපාලන සංකල්පය තුල ඉදිරිපත් කර ඇත.මෙම සංකල්පය රාජ්‍යය පාලනයෙදිත් ,ව්‍යාපාර පාලනයේදීත් සහ සිවිල් සාමාජ සංවිධාන පාලනයේදිත්  වැදගත් වන බව පෙන්වා දි ඇත.එම මුලධර්ම විග්‍රහ කර බැලිමේදි පෙනි යන්නෙ රටක් ආයතනයක් පාලනය කිරිමේදි සහ ජනතා සුබසෙත සඳහා මෙම මුලධර්ම ඉතා වැදගත් වන බවයි.එවා පහත පරිදි වේ .


දැක්ම
රජයකට දැක්මක් තිබ්ය යුතු අතර එම දැක්ම සිවිල් සමාජය හා පෞද්ගලික  අංශය යන දෙකොටසටම අතර බෙදා ගත යුතුය .ඔනැම රටක මෙම දැක්ම මත සකස් වු උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරිමෙන් සංවර්ධන ඉලක්ක කරා ලඟා විය හැකිය .මෙම දැක්ම මත සකස් කරන ලද වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ට කැපවිම රාජ්‍යය නිලධාරින්ගේ වගකිමක් වන අතරම යුතුකමක්ද වේ .

සාධාරණත්වය
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සැම පුරවැසියකුටම සම අයිතිවාසිකම් හිමිවේ.කිසිම පුරවැසියකුට වර්ගය ,ආගම,භාෂාව ,කුලය ,ස්ත්‍රී පුර්ෂ බෙදය, දේශපාලන මතය ,හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හේතුවක් මත වෙනස් කමකට හෝ විශේෂිත භාවයකට භාවිත නොවිය යුතුය .සියලුම කාන්තාවන් පුර්ෂයින් බෙදයකින් තොරව ඔවුන්ගේ සුබ සිද්ධිය උදේසා අවස්ථාවන් ලබා ගැනිමට වැඩි දියුණු කරගැනිමට හැකියාව තිබිය යුතුය .උදාහරණයක් ලෙස අවස්ථාවන් ලබාගැනිමේ හැකියාව ඉහත සදහන් කිසිම සාධකයක් මත නොහැරිය යුතුය .අධ්‍යාපනය සදහා සම අවස්ථා රැකියා පහසුකම් , වෙළෙදපල භාවිතය සම්පත් භුක්ති විදිමේ අයිතිය ආදි සැම අවස්ථාවක් සදහාම සම අවස්ථාවන් තිබිය යුතුය.

ඉතිරි කොටස තවත් ලිපියකින් බලාපොරොත්තු වන්න
0 Comments
Disqus
Fb Comments
Comments :

No comments:

Post a Comment

ඔබගේ අදහසත් එක් කරන්න